මගේ රුව සහිත චිත්‍ර තැන තැන සවි කරන්න එපා! රටේ අභිවෘද්ධිය මිස පුද්ගල අභිවාදනයට මගේ කැමැත්තක් නෑ! – ජනපති

March 1, 2020 at 5:26 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධස්ථාන වල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

ජනාධිපතිතුමාගේ රුව චිත්‍රණයක් එසේ සිතුවම් කරන ලද හා ආලේඛය (portrait) චිත්‍රයක් සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමි වල ප්‍රදර්ශනයක් සිදු වන බව නිරීක්ෂණය කර ඇත.ත

මාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තුතිය පුද කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි. පුද්ගල ප්‍රතිරූප වර්ධනය තමා අගය නො කරන බව එතුමා කියා සිටියි.

ජනාධිපති මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස