සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සඳහන් “මහජන කවුන්සිලය”ඉතා හොඳ යොජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී හෙතෙම මේ බව සඳහන් කර තිබේ.
වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගට ම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.
වැඩ බලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ පැවසූයේ කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන බවයි.
ආරම්භයේ සිට ම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙන බව කී ජනාධිපතිවරයා, සැබෑ අරගලකරුවන් ප්රචන්ඩ ක්‍රියා නොකරන බව තම විශ්වාසය බව ද කීය.