මකා දමා ඇත්තේ රාජිතගේ මහා ඖෂධ වංචාවලට සම්බන්ධ ලිපි ගොනු….! – ඖෂධ ඇමැති පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

September 21, 2021 at 1:04 pm | by emanisa.lk

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිපි ගොනු මකා දමා බාල ඖෂධ ගෙන්වීමට හෝ ඖෂධ මිල ඉහළ නැංවීමට හෝ ඖෂධ හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එසේ ම එමගින් කොවිඩ් මර්දන එන්නත් හෝ ඊට සම්බන්ධ දෑ ගෙන්වීමට කිසිදු බලපෑමක් නොවන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෙන් ඖෂධ වංචා සඳහා සහ එමගින් මහා ධනස්කන්ධයක් ඉපයීම සඳහා නොහැකි වීම නිසා ඇති වූ ඉච්ඡාභංගත්වය මෙම දත්ත මකා දැමීමට හේතු වූවා විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

2015-19 සමයේ ඇතැම් ඖෂධ මිල දී ගැනීම සඳහා රජය අසාමාන්‍ය මිල ගණන් ගෙවා ඇති බවත් ඊට අදාළ ලිපි ගොනු මෙලෙස මකා දමා ඇති බවත් චන්න ජයසුමන අනාවරණය කරයි.

වර්තමාන ආණ්ඩුව රු. 395ට මිලයට ගන්නා ඖෂධ එකල රු. 55 185 මිලට ද වර්තමාන ආණ්ඩුව රු. 17 735කට මිලට ගත් එන්නත එකල රු. 55 000ට මිල දී ගෙන ඇති බවත් අද රු. 12ට මිලට ගන්නා ඖෂධය එදා රු. 165ට මිලයට ගෙන ඇති බවත් ඇමැතිවරයා වැඩි දුරටත් අනාවරණය කළේය.

අදළා දත්ත නැවත ප්‍රතිස්ථාපනය සඳහා කටයුතු කරන බවත් දත්ත මැකූ කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස