NMRA මැකී යාම විශාල ගැටලුවක් නෙමෙයි…! මුල්පිටපත් සමාගම්වල තියෙනවා…! මැකුණේ ස්කෑන් පිටපත විතරයි…! – ඖෂධ රාජ්‍ය අමාත්‍ය…

September 6, 2021 at 8:07 am | by emanisa.lk

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ දත්ත මැකී යාමේ සිද්ධිය අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කර ගැනීමට තරම් දෙයක් නොවන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

“මෙය අත්වැරදීමකින් සිදුවුණ දෙයක්ද එහෙම නැත්නම් හිතාමතා සිදුකළ දෙයක්ද කියන කාරණය තව සතියකින් හමාරකින් හෙළිදරව් වෙයි කියලා, අපි හිතනවා. මේ අප්ලෝඩ් කරලා තියෙන්නෙ විවිධ ඖෂධ ආනයනය කරන සමාගම් තමන්ගේ ඖෂධ ලියාපදිංචියට අදාළ වෙන මුල් පිටපත්වල ස්කෑන් පිටපත්. හැබැයි ඒ මුල් පිටපත් අදාළ සමාගම් සතුව තියෙනවා.

අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කරගන්න තරම් දෙයක් මෙතන නැහැ. විශේෂයෙන් අප දැක්කා මේ කොරෝනා මර්දනයට ඕනෙ වෙන ඇන්ටිජන්, ඒ එක්කම පීසීආර් කට්ටල, ඖෂධවල දත්ත මෙහෙම මකලා තියෙන්නෙ කියලා කියනවා. කොරෝනා මර්දනයට අදාළ වෙන ඖෂධයක, උපකරණයක හෝ පරීක්ෂණ කට්ටලයක දත්ත මේ මැකිලා ගිය දත්ත ගබඩාවෙ තිබුණෙ නැහැ”

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මේ බව පැවසුවේ ඊයේ (05) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *