මං අගමැති වෙලා කරුණා නීතියට හමුවට ගේනවා! – සජිත්

June 29, 2020 at 11:22 pm | by emanisa.lk

එළඹෙන 05 වෙනිදා සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා තමා අගමැති වී කරුණා අම්මාන් නීතිය හමුවට ගෙන එන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

හිටපු ත්‍රස්තවාදියෙකු වන කරුණා අම්මාන් හමුදා සෙබළු දෙතුන් දාහක් මැරූ බවට උදම් ඇනීම තමන් අනුමත කරන්නේ දැයි ඔහු 69 ලක්ෂයක් ජනතාවගෙන් විමසා සිටියේය.

තමා අගමැති ධුරයට පත් වූ වහා නිවාස අමාත්‍යංශය ඒ යටතට ගෙන රටේ නිවාස ප්‍රශ්නය විසඳන බව ද හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස