කොරෝනා මෘතදේහ ආදාහනයට අමතරව භූමදානය සඳහා ඉඩදිය හැකි ද යන්න සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව සිය නිල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා පවසන්නේ එහි නිර්දේශ විද්‍යාත්මක සාධක මත පදනම් වන්නේ ද එය පිළිගැනීමට තමන් සූදානම් බව ය.
එසේ ම පොරොන්දු වූ ආකාරයට ම විද්වත් කමිටු වාර්තාව අනුව ආණ්ඩුව කටයුතු කරන ලෙස ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
එම විශේෂඥ කමිටු වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු බව ද අලී සහීර් මවුලානා වැඩි දුරටත් සඳහන් කරයි.