භූමදානයට ඉරණතිව් එපා…! අපේ ගමට දෙන්න..! වගකීම මං ගන්නවා..! – මුලතිව් නගරාධිපති…

March 5, 2021 at 8:33 am | by emanisa.lk

කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ මළ සිරුරු තම ප‍්‍රදේශවල ඇති සුසාන භූමිවල වළ දැමීමට කටයුතු කරන ලෙසත් ඒ නිසා මතුවන ඕනෑම ප‍්‍රශ්නයකට තමන් වගකීමට සූදානම් බවත් කල්මුනේ නගරාධිපති ඒ. එම්. රකිබ් පවසයි.

මුස්ලිම් දේහ භූමදානය කිරීම සම්බන්ධ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුම්වත් කිරීමේ රැස්වීමක් කල්මුනේ මහ නගර සභා ශ‍්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේ ඔහු එසේ පැවසීය.

“අප පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයට සහාය ලබා දුන්නා. නමුත් වර්තමාන රජයට තුනෙන් දෙකක බලය තිබෙන නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොසලකා මුස්ලිම් දේහයන් ආදාහනය කරනු ලැබුවා. නමුත් දැනට මුස්ලිම් දේහයන් භූමදානය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එය පාකිස්තාන අගමැති ශ‍්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් ලබා දුන් ත්‍යාගයක් ලෙස සමහරු කතා කරනාවා. මෙම කරුණ ඔහුගේ පැමිණීමට පෙර සිදුවුණා. ගැසට් නිවේදනය නිකුත් කිරීමේ කටයුතු අවසන් කර තිබුණා. රජයේ හා විපක්ෂයේ බලපෑම් ජනතාව හා සිවිල් සංවිධානවල ඉල්ලීම්, ජාත්‍යන්තරයේ බලපෑම්, 20 වෙනි සංශෝධනයට සහාය ලබා දුන් මුස්ලම් මන්ත‍්‍රීවරුන්ගේ එකඟතා ජිනීවාහි ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනාවලට මුස්ලිම් රාජ්‍යයන් 18 ට සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව ආදිය රජයට තිබුණු නිසා මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලපෑ කරුණු හැටියට සැලකිය හැකියි.

රජයට අප ඉදිරිපත් කරන යෝජනාව වනුයේ මුස්ලිම් දේහයන් ඉරණතිව් දූපතේ භූමදානය නොකර අපගේ ප‍්‍රදේශවල භූමදානය කිරීමට අවසර ලබා දෙන්න කියන එකයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස