භික්ෂූන් ගංජා පාවිච්චි කළ යුතු ආකාරය බුදු හාමුදුරුවොත් දේශනා කළා…! – බෙංගමුවේ නාලක හිමි…

January 19, 2021 at 12:24 pm | by emanisa.lk

සිරුරේ වේදනාව සමනය කර ගැනීම පිණිස බුදුන් වහන්සේ විසින් කංසා තැම්බූ වතුරින් හුමාලේ ඇල්ලීමට නිර්දේශ කර ඇතැයි දේශීය වෛද්‍ය සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

ත්‍රිපිඨකයේ මහා වග්ගපාළියේ භේසජ්ජඛන්ධකයේ එය පැහැදිලිව සඳහන්ව ඇතැයි එහිමියෝ පෙන්වා දෙති.

එසේ ම කංසවලින් තැනූ සිවුරක් ගැන බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන බවත් එහි නම භංගං යනුවෙන් සඳහන් වන බවත් නාලක හිමි අනාවරණය කළහ.

මේ ආකාරයට භික්ෂූන් වහන්සේට කංසා පාවිච්චි කිරීමට බුදුන් වහන්සේ ක්‍රම සඳහන් කර ඇතැයි උන් වහන්සේ පැවසූහ.

එහෙයින් රජය මැදිහත් වී යම්කිසි ක්‍රමවේදයක් අනුව කංසා වගා කර ඖෂධ හැදීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බව දේශීය වෛද්‍ය සම්මේලනය ඉල්ලා සිටියි.

රජය මැදිහත් වන්නේ නම් රටේ ණයබර පියවා ගැනීමට ද කංසා උපයෝගී කරගත හැකි බවට බෙංගමුවේ නාලක හිමි අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස