සිංහල බෞද්ධකම රැකගන්න බලයට පැමිණි ආණ්ඩුව ගංජා විකුණා ආර්ථිකය හැදීමට කතා කරන බව සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරළ පවසයි.
ඩයනා ගමගේ, ඒ සඳහා ජන මනස හැදීමට ආණ්ඩුව පාවිච්චි කරන අයෙකු බවට ද ඇය චෝදනා කළා ය.
නවෝත්පාදන ආර්ථිකය පිළිබඳ කිසිදු කියවීමක් නොමැති වර්තමාන ආණ්ඩුවෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ද නිරෝෂා අතුකෝරළ සඳහන් කළා ය.
රටේ කෘෂිකර්මාන්තය විනාශ කර ගංජා වවා ආර්ථිකය හැදීමට කතා කිරීම විහිළුවක් බවත් ඇය කීවා ය.
ජනතා ද්‍රෝහී ආණ්ඩුව පරාජය කිරීමට ජනතාවට එකතු වන ලෙස ඉල්ලා සිටි නිරෝෂා අතුකෝරළ තමන් ඒ සඳහා නායකත්වය ලබා දීමට සූදානම් බව ද ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.