ඩයනාගේ කංසා වගාව නිත්‍යානුකූල කිරීමේ යෝජනාව සම්මතයි…! කංසා රට පටවා වැටුණු ආර්ථිකය ගොඩගන්න සූදානම්…!

December 8, 2021 at 8:28 am | by emanisa.lk

කංසා හෙවත් ගංජා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සම්මත විය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මෙම යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු  මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යෝජනාව ස්ථිර කළේය.

ඒ අනුව ඩයනා ගමගේ සිය යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අවධාරණය කළේ, ලොව බොහෝ රටවල් කංසා ශාකය බෝගයක් ලෙස වගා කර අපනයන ආදායමක් ලබමින් සිටින බවයි.

ඊයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබූ අතර උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ කංසා ශාකය නීත්‍යානුකූලව වගා කර ඒ හරහා අපනයන ආදායම වැඩි කරගැනීම සඳහා අවධානය යොමු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස