බෙදුම්වාදීන්ට අතුල් පහරක්….! ප්‍රියංක ප්‍රනාන්දුට තවත් උසස් වීමක්…!

January 19, 2021 at 8:30 am | by emanisa.lk

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු පත් කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේ ය.

මීට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරය හෙබවූ මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු එම ධූරයට පත්විය.

මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.

නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලි රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස මෙන් ම ඉඩම්, දේපළ හා භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද මෙයට පෙර කටයුතු කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *