ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ආරක්ෂක විෂය පමණක් නොව බුද්ධ ශාසන විෂය ද තමන් යටතේ තබා ගත යුතු බව නීතිවේදීන් පෙන්වා දෙයි.
සේනාධිනායකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශය තමන් යටතේ තබා ගැනීම ජනාධිපතිවරයාගේ වගකීම වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම පෝෂණය කර සුරක්ෂිත කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ රාජ්‍ය නායකයාට වන නිසා එම විෂය ද ජනාධිපතිවරයා යටතේ තබා ගත යුතු බව නීතිවේදීන්ගේ මතයයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය විෂයන් තබා ගැනීමට නොහැකි බවද අර්ථ නිරූපනයක් තිබුණ ද ව්‍යවස්ථාවේ නියමිත හරයන්ට අනුව ආරක්ෂක හා බුද්ධ ශාසන යන විෂයන් දෙකම තමා යටතේ තබා ගැනීම ජනාධිපතිවරයා සතු වගකීමකි.
ඒ අනුව බුද්ධ ශාසන විෂය සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරීමට ජනාධිපතිවරයාට නොහැකි බව එම නීතිවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.