බුද්ධි අංශ ප්‍රධානියා මට කතා කළා කියලා පිළිගන්න බෑ! සමහර විට මගේ ගෙදරට කතා කරන්න ඇති! – මෛත්‍රී

October 25, 2020 at 10:38 am | by emanisa.lk

2019 වසරේ අප්‍රේල් 01 වෙනිදා සිට අප්‍රේල් 21 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන අතර දුරකතන සංවාද 20ක් හුවමාරු වී ඇති බව ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය විය.

එහෙත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමාට මේ වාර්තා පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති බවත් වාර්තාවල කුමක් තිබුණ ද මෙතරම් වාර ගණනක් තමාට කතා කළේ යැයි පිළිගත නො හැකි බව ය. ඇතැම් විට සිය නිල නිවසට කතා කළා විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

අප්‍රේල් 20 වෙනිදා හවස විදෙස් බුද්ධි අංශ මගින් පසුදා එල්ල වන ප්‍රහාරය පිළිබඳ මෙරට දැනුම්වත් කර පසු ද තමාගේ දුරකතනය වෙත නිලන්ත ඇමතුම් 02ක් ලබාගත් බව ද ප්‍රහාරයට පසු එකළඟ දුරකතන ඇමතුම් 07ක් ලබා ගෙන ඇති බව ද දුරකතන දත්ත වාර්තාවල සඳහන් වුව ද එය ද පිළිගත නො හැකි බවත් ඔහු අවධාරණය කළේ ය.

මෙම අවාසනාවන්ත ප්‍රහාරය පිළිබඳ කිසිවකු තමා දැනුම්වත් නොකළ බව ද ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස