බැසිල් පැමිණි විගස කැබිනට් සංශෝධනයක්…! ප්‍රබල ඇමැති ධූර හයක් සහ රාජ්‍ය ඇමැතිකම්වල වෙනසක්…!

January 1, 2022 at 12:45 pm | by emanisa.lk

කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් නුදුරේ දී ම සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය. එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේ දී වෙනස් කෙරෙන බව සඳහන් කරන එම ප්‍රකාශකයා, ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට ළඟදීම පැමිණීමට නියමිත අතර කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු වන්නේ ඔහු පැමිණීමෙන් පසුව බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

නව වසරේ නව වෙනස්කම් සමග අලුත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේ දී ඉල්ලීමක් කළහ. මෙම කැබිනට් සංශෝධනය ද එහි ප්‍රතිඵලයක් බව දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *