බැනුම් අහගෙන හරි පොහොට්ටුවේ ඉමු! ජනතාව අනුකම්පාවට අපට ඡන්දේ දෙයි! – මෛත්‍රී

March 12, 2020 at 2:13 pm | by emanisa.lk

මීට මාස හතරකට පමණ පෙර පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” සහය දී එය දැන් විවේචනය කිරීම දේශපාලන වශයෙන් අවාසිදායක තත්ත්වයක් බැවින් එළැඹෙන මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමග සන්ධානගතව තරග කිරීම වඩා වාසිදායක දේශපාලන උපක්‍රමය බව හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(11) එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් අමතා ප්‍රකාශ කොට තිබේ.

එම රැස්වීම පැවැත්වීමට පෙර වෙනම රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් එළඹෙන මහ මැතිවරණයේදී වෙනම තරග කළ යුතු බවට යෝජනාවක් සකස් කොට එය මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී ඉදිරිපත් කළ අතර ඊට ප්‍රතිචාර ලෙස හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණේ කුමන විවේචනයක් හෝ අසාධාරණකමක් සිදු වුවත් එය කැපකිරීමක් සේ සලකා ඔවුන් සමග සිටීමෙන් ජනතාවට පොදුජන පෙරමුණ තමන්ට දක්වන ප්‍රතිචාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකිවන බවද මෛතීපාල සිරිසේන එහිදී සඳහන් කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස