බස්නාහිර පළාතින් පිටවීම දින 04කට තහනම්! හුදෙකලා ප්‍රදේශවල අගුළු තද කරයි!

November 11, 2020 at 9:41 pm | by emanisa.lk

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බව ය.

මේ අතර හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *