කොරෝනා බස්නාහිරට කොටු කළා! පිටින් ආසාදිතයන් වාර්තා වීම අඩුයි! – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි…

November 13, 2020 at 7:05 pm | by emanisa.lk

බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු අද (13) මේ බව පැවසී ය.

සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්, විශේෂයෙන් කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් බව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය.

ඊයේ(12) දිනයේ දී වාර්තා වු ආසාදිතයන් 396 දෙනාගෙන් 296 දෙනෙකු බස්නාහිර පළාතෙන් බව ද, එයින් 232දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ බව ද ඔහු අනාවරණය කළේ ය.

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ම තව දුරටත් සීමා පැනවීම සහ පීසීආර් පරීක්ෂණ හේතුවෙන් එම පළාතෙන් වාර්තා වන ආසාදිතයන් ගණන අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස