බස්නාහිරින් පිටවන සියලු දෙනා ක්ෂණික ඇන්ටිජන් පරික්ෂාවට…!

January 26, 2021 at 12:44 pm | by emanisa.lk

බස්නාහිරින් පිටවන සියලු ම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

ලබන 28 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ අනුව ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතව ඇත. ස්ථාන 11ක දී එම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස