මෙරට රැපීඩ් ඇන්ටිජන් කට්ටල භාවිතයට අවසර!

November 11, 2020 at 9:34 am | by emanisa.lk

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්“ මෙරට තුළ භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව අවසර ලබා දී තිබේ.

සිදුකරන ලද රසායානාගාර පරීක්ෂාවකින් අනතුරුව ඊයේ (10) දිනයේ දී අදාළ අවසරය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේය.

එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසු අදාළ පරික්ෂණ කට්ටල මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිත කිරීමට හැකියාව පවතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *