කොරෝනා මර්දනයට තවත් ඉදිරි පියවරක්! රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව පෞද්ගලික රෝහල්වලත්!

November 30, 2020 at 8:34 am | by emanisa.lk

කොරෝනා ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය (රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ) පෞද්ගලික රෝහල්වල ද සිදු කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනුමත පෞද්ගලික රෝහල් දහයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක අනාවරණය කරයි.

එම රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කර කොවිඩ් වැළඳී ඇත්දැයි නිගමනය කළ හැකි පරිදි මාර්ගෝපදේශ සකස් කිරීමට නියමිත ය. සුළු මුදලකට ඉතා ම කෙටි කාලයක් තුළ අවම පහසුකම් යටතේ මෙම පරීක්ෂණය සිදුකර ප්‍රතිඵල නිකුත් කළ හැකි වීම ඉතා ම වැදගත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *