බස්නාහිරින් පිටවන අයට අද සිට ඇන්ටිජන් පරීක්ෂණ! ජංගම පරීක්ෂණාගාර ස්ථානගත කරයි!

December 18, 2020 at 3:47 pm | by emanisa.lk

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා අද (18) දිනයේ සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන පිවිසුම් ස්ථාන 03ක ජංගම ඇන්ටිජන් පරීක්ෂණාගාර යොදා එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අවශ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර ඇත.

ඒ අනුව අවිස්සාවේල්ල පාරේ කොස්ගම – සාලාව, නුවර පාරේ නිට්ටඹුව සහ පුත්තලම පාරේ කටුනායක අවට ප්‍රදේශවල අද දිනයේ සිට මෙලෙස පොදු මගී ප්‍රවාහන සේවා ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ලක් කිරීමට නියමිතව ඇත.

යම් පොදු මගී ප්‍රවාහන සේවයක ගමන් කරනු ලබන පුද්ගලයෙකු එලෙස සිදුකරනු ලබන පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිතයෙකු බවට හෙලිවුවහොත් එහි සිටින සෙසු මගීන් ද ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *