කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ දෙමළ ජාතික සන්ධනය එක්ව වැඩමුළුවක් සංවිධානය කර තිබේ.
සංවර්ධනය සඳහා බලය බෙදීමේ වැදගත්කම එහි දී සාකච්ඡාවට ගැනීමට කටයුතු කර තිබිණි.
ඔස්ටින් ප්‍රනාන්දු, ජයදේව උයන්ගොඩ, එම්.ඒ. සුමන්දිරන්, ශානක්කියන් රාසමානික්කම් ආදී බලය බෙදා හැරීම, ෆෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් එහි දේශකයින් ලෙස සහභාගී වන බව පවසා ඇත.
රටේ ප්‍රධාන බෞද්ධ සංවිධානයක් දෙමළ ජාතික සන්ධානය සමග එක්ව බලය බෙදීම සඳහා වැඩමුළු සංවිධානය කිරීම විශේෂත්වයකි.
