බබ්ල් ක්‍රමේට ඉන්දීය සංචාරකයින් ලංකාවට….! ලාංකිකයින්ට ඉන්දියාව තව දුරටත් තහනම්…!

April 12, 2021 at 8:56 am | by emanisa.lk

විශේෂ ආරක්‍ෂක විධිවිධානවලින් සමන්විත ‘සංචාරක බුබුළු’ ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාවට තම රටේ සංචාරකයන් එවීමේ වැඩපිළිවෙළක් ඉන්දියාව දියත් කර ඇත.

එහෙත් ශ‍්‍රී ලාංකික සංචාරකයන් ඉන්දියාවේ සංචාරය කිරීම තව දුරටත් තහනම් කිරීමට ඉන්දියානු රජය පියවර ගෙන ඇත.

තම රටේ සංචාරකයන් රැගත් ගුවන්යානා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට එන බව ඉන්දියාව දැනටමත් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංයට දන්වා තිබේ.

ශ‍්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා යෑමට ගුවන් මගීන් වර්ග තුනකට පමණක් ඉඩ දී තිබේ. එනම්,

1. ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයන්, නේපාල ජාතිකයන් සහ භූතාන ජාතිකයන්

2. ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දියානු සංචාරක බලපත‍්‍ර හිමි ඉන්දියානුවන් සහ එම බලපත‍්‍රලාභී විදේශිකයන් (පාස්පොට් නොවේ.)

3. ශ‍්‍රී ලංකාවේ නේවාසික බලපත‍්‍ර හිමි ඉන්දියානු ජාතිකයන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස