වාසනාවට අපි ආණ්ඩුවේ නෑ… පාර්ලිමේන්තුවෙත් නෑ…! ඒ නිසා හැදේකට ම අඩුපාඩු කිය කිය ඉන්න පුළුවන්…! – රනිල්…

January 16, 2021 at 10:21 pm | by emanisa.lk

ආණ්ඩුවට කොවිඩ් එන්නත් ගෙන ඒම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මාර්තු මාසයේ එන්නත් ගෙන එන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත් මේ වන විට ව්‍යාපාරිකයින්ගෙන් මිලියන 10 බැගින් ඉල්ලන තැනට ආණ්ඩුව පත්ව ඇති බව ද එජාප නායකයා සඳහන් කරයි.

සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට මේ වසර අග හෝ ඊළඟ වසර මුල දක්වා බලා සිටීමට සිදුවනු ඇති බවත් බුබුලු සංකල්පය සංචාරක ක්ෂේත්‍රයට නොගැළපෙන බවත් ඔහු පෙන්වා දෙයි.

එජාප ආණ්ඩුවක් පැවතියේ නම් සංචාරක කර්මාන්තය නංවන්නේ කෙසේ දැයි මාධ්‍ය විමසූ විට එජාප නායකයා හිස කසා කියා සිටියේ වාසනාවට තමන් ආණ්ඩුවේ හෝ පාර්ලිමේන්තුවේ නොමැති බවත් එහෙයින් ඒ ගැන කිසිවක් කළ යුතු නැති බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස