රිමාන්ඩ් බන්ධනාගාරගත කළ හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව වාර්තා වෙයි.
දින 06ක් සැඟව සිට අත්අඩංගුවට ගත් බදියුදීන් පසුගියදා අධිකරණය මගින් එළඹෙන 27 වන දින දක්වා බන්ධනාගාරගත කෙරිණි.
කෙසේ වුව ද ඔහු බන්ධනාගාරගත කිරීමට පෙර මීගමුව පල්ලනසේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර තිබේ.
ඕනෑ ම අයකු දින 14ක නිරෝධායනයට පසු PCR පරීක්ෂණයකින් පසු බන්ධනාගාරයට යොමු කිරීම සම්ප්‍රදාය බවත් එය රිෂාඩ් බදියුදීන්ට ද පොදු බවත් ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. එසේ ම ඔහු එතෙක් පාර්ලිමේන්තුවට ගෙන නො එන බව ද ඇය පැවසුවාය.
මෙහි දී දැනට බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන එන ප්‍රේමලාල් ජයසේකර ද ප්‍රකාශ කළේ තමන් ද මේ ආකාරයට ම දින 14ක නිරෝධායනයට යොමු කළ බවය.