බදියුදීන් කල්ලිය නැවතත් සාක්ෂි පටිගතකර හසුවෙයි! බදියුදීන් විශ්වාස කළ නොහැකි බව විනිසුරු කියයි!

November 19, 2020 at 9:59 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි පටිගත කිරීමේ වරදට ඊයේ තවත් පුද්ගලයකු හසු වී තිබේ.

මොහු රිෂාඩ් බදියුදීන් පාර්ශ්වය නියෝජනය කරමින් කොමිසමට පැමිණි පුද්ගලයකු වන අතර මාධ්‍ය වේදීන් අතර සැඟව සාක්ෂි ලබා දීම පටිගත කර තිබේ.

මෙයට පෙර ද කොමිසමේ සාක්ෂි පටිගත කළ බවට චෝදනා එල්ල වූ අතර ඒ උලමා සංවිධානයේ නියෝජිතයෙකි.

මෙම කරුණු සැලකිල්ලට ගත් කොමිසම කොරෝනා අවධානම නිසා බදියුදීින් කොමිසමට නොකැඳවා සාක්ෂි විමසීමට ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස