බදියුදීන්ගේ බිරිඳගේ වත්කම් කෝටි 1000 පනී! 18 කෝටියක මහා බදු වංචාවකට නඩු වැටෙයි!

August 28, 2020 at 7:32 am | by emanisa.lk

සිය දේප­ළ­ව­ලට අදා­ළව රජ­යට ගෙවිය යුතු රුපි­යල් දාහත් කෝටි අනු­නව ලක්ෂ­යක ආදා­යම් බදු නොගෙවා පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් දේශිය අදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව හිටපු ඇමැති රිෂාඩ් බදියු­දීන්ගේ බිරි­යට එරෙ­හිව අනු­රා­ධ­පුර මහේස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පවරා ඇත.

මෙම මුදල දේශිය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව වෙත අය­විය යුතුව තිබි­යදී ගෙවීම් පැහැර හැරිම මත මෙම නඩුව පවරා ඇත.

බදි­යු­දීන්ගේ බිරියගේ නමින් ඇති රුපි­යල් කෝටි 1000ට අධික වටි­නා­ක­ම­කින් යුත් දේපළ සඳහා මෙම බදු මුදල් ගෙවී­මට නිය­මි­තව තිබී ඇති අතර මේ සම්බ­න්ධ­යෙන් කරුණු විම­සීම සඳහා අනු­රා­ධපුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පෙනි සිටින ලෙස රිෂාඩ් බදි­යු­දීන්ගේ බිරිඳට  නොති­සි­යක්ද නිකුත් කර තිබේ.

මෙම නොති­සිය බදි­යු­දීන්ගේ බිරිඳ පදිං­චිව සිටින බෞද්ධා­ලෝක මාවතේ පිහිට නිවස වෙත භාර දී ඇති බව අධි­ක­රණ ආරංචි මාර්ග පව­සයි.

බදියුදීන් 1999 ෂොපිං බෑගයක සිය රෙදි ටික දමාගෙන මන්නාරමට පැමිණි සරණාගතයකු ලෙස ප්‍රකටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස