සිය දේපළවලට අදාළව රජයට ගෙවිය යුතු රුපියල් දාහත් කෝටි අනුනව ලක්ෂයක ආදායම් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් දේශිය අදායම් දෙපාර්තමේන්තුව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ බිරියට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
මෙම මුදල දේශිය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අයවිය යුතුව තිබියදී ගෙවීම් පැහැර හැරිම මත මෙම නඩුව පවරා ඇත.
බදියුදීන්ගේ බිරියගේ නමින් ඇති රුපියල් කෝටි 1000ට අධික වටිනාකමකින් යුත් දේපළ සඳහා මෙම බදු මුදල් ගෙවීමට නියමිතව තිබී ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳට නොතිසියක්ද නිකුත් කර තිබේ.
මෙම නොතිසිය බදියුදීන්ගේ බිරිඳ පදිංචිව සිටින බෞද්ධාලෝක මාවතේ පිහිට නිවස වෙත භාර දී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
බදියුදීන් 1999 ෂොපිං බෑගයක සිය රෙදි ටික දමාගෙන මන්නාරමට පැමිණි සරණාගතයකු ලෙස ප්‍රකටය.