බදියුදීන්ගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට?

September 2, 2020 at 10:00 pm | by emanisa.lk

සෞදි අරාබි අන්තවාදී බලවේගවලට තව දුරටත් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් යොදා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක ඔවුන් ආණ්ඩුවට ළංවීම සඳහා සූක්ෂ්ම  උපායන් තෝරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

සමාජමාධ්‍යවල පල වූ වාර්තාවක් උපුටා දක්වමින් පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ නිම්නාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියේය.

රිෂාඩ් බදියුදීන්ට සහ අන්තවාදී බලවේගවලට හැසිරවිය හැකි පුද්ගලයන් කිහිප දෙනෙකු ආණ්ඩුව තුළට යැවීමේ හැකියාවක් ඇති බවත් ඒ සඳහා පක්ෂයේ ස්වාධීන යැයි හඳුන්වන පිරිසක් යොදා ගැනීමේ හැකියාවක්ද පවතින බවත් වසන්ත බණ්ඩාර වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

මේ වන විට රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා බරපතළ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව රහස් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු සඳහන්කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස