බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට….! කැබිනට් අනුමැතිය හිමි වෙයි….

March 2, 2021 at 1:12 pm | by emanisa.lk

අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එම සමාගම්වල දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හොල්ඩින් පීඑල්සී සමාගමයි.

බටහිර පර්යන්තය මෙතෙක් ඉදිකර නොමැති අතර එය ඉදිකර මෙහෙයුම්කර පවරාදීමේ (BOT) ගිවිසුමෙහි කාලය වසර 35කි.

බටහිර පර්යන්තය දියුණු කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *