බටහිර පර්යන්තය 85%ක් ඉන්දියාවට… ඉතිරි 15% ලංකාවට…! කැබිනට් පත්‍රිකාව සම්තයි…!

February 1, 2021 at 11:06 pm | by emanisa.lk

කොළඹ වරාය සම්බන්ධයෙන් නව උපාය මාර්ගික වැඩසටහන ඇතුළත් කැබිනට් පත්‍රිකාව මීට ටික වේලාවකට පෙර ඇමති රෝහිත අබේගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එම කැබිනට් පත‍්‍රිකාව එහිදී ඒකමතිකව සම්මත වී ඇත. එමගින් යෝජනා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය පූර්ණ ලෙස වරාය අධිකාරිය යටතේ තැබීමටත් ඉදිරි වසර තුනක් ඇතුළත එය අධිකාරිය යටත් සංවර්ධනය කිරීමටත්ය.

නැගෙනහිර පර්යන්තයේ පළමු අදියර ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන යටතේ නැවේ සිට ගොඩබිම් දක්වා මෙහෙයුම් කරනු ලබන දොඹකර හයක්ද, ගොඩබිම මෙහෙයුම් සඳහා විදුලියෙන් ක්‍රියා කරන ගැන්ට්‍රි දොඹකර 18ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු මුදලින් මිලදී ගැනීමටද සැලසුම් කර ඇත.

නැගෙනහිර බහලු පර්යන්තයේ සාදා නිම කිරීමට ඇති ඉතිරි සිවිල් වැඩ කොටස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් වසර තුනක් ඇතුළත නිම කිරීමටද නියමිතය. දෙවැනි අදියර යටතේ නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරනු ලබන දොඹකර අටක්ද, ගොඩබිම් මෙහෙයුම් සඳහා විදුලියෙන් ක්‍රියා කරන ගැන්ට්‍රි දොඹකර 32ක්ද මිලදී ගැනීමට නියමිතය.

එමෙන්ම බටහිර පර්යන්තය ඉන්දියාවට සමග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත්තේ මීට පෙර CICT පර්යන්තය ජාත්‍යන්තර සමාගමකට ලබාදුන් කොන්දේසිවලට යටත්වය. ඒ අනුව බටහිර පර්යන්තය ඉන්දීය හා ජපන් රජයන් නම් කරන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කර පවත්වා ගෙන යාමටත් තීරණය විය. ඒ වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදීමේ පදනම (BOOT Prild Operate and Trans​fer) යටතේය.

ඒ අනුව බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට 85%ක් හා ශ‍්‍රී ලංකා රජයට 15%ක් ලෙස සංවර්ධනය කිරීමට ද කැබිනට් පත‍්‍රිකාව සම්මත වී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස