බටහිර පර්යන්තය කවුරු එක්ක එකතු වෙලා හැදුවත් කමක් නෑ…! ඒ සඳහා 69 ලක්ෂයක ජනවරමක් ලැබුණා…! – විමල්….

February 2, 2021 at 9:49 am | by emanisa.lk

බටහිර පර්යන්තය පෞද්ගලික අංශයත් සමග එක්ව සංවර්ධනය කරන බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහිම සටහන්ව ඇති බැවින් සහ ඊට ජනවරමක් ලැබී ඇති බැවින් එය ඉන්දියාව හෝ වෙනත් ඕනෑ ම පාර්ශ්වයක් සමග එක්ව සංවර්ධනය කළාට තමන්ට ගැටළුවක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“අපේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැගෙනහිර පර්යන්තය කවුරුවත් එක්ක එකතුවෙලා සංවර්ධනය කරනවා කියන එක කියලා නෑ. හැබැයි බටහිර පර්යන්තය පෞද්ගලික අංශයත් එක්ක, වෙනත් පාර්ශ්වයන් එක්ක එකට ඒකාබද්ධව සංවර්ධනය කරනවයි කියන එක අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තිබෙනවා. ඒකට ජනවරම ලැබිලා තිබෙනවා.

ඒ නිසා බටහිර පර්යන්තය වෙනත් පාර්ශ්වයක් සමග එකට එකතුවෙලා සංවර්ධනය කිරීම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නෑ, ඒකට ජනවරම ලැබිලා තියෙනවා. ඉන්දීය ද බටහිර ඉන්දීය ද කවුරු හරි එක්ක වුණත් අර චීනෙත් එක්ක එකඟතාවක් ඇතිව පර්යන්තයක් සංවර්ධනය කරලා තියෙන්නෙ, ඒ විදියට BOT කියන මොඩ්ල් එකට ඕනෙම පාර්ශ්වයක් එක්ක එකතුවෙලා බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම ගැටළුවක් නෑ”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( 01) දහවල් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *