පෝස්ටර් තරඟය සහ පරිසර දූෂණය අවම කරන යෝජනාවක්! දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයන්ට පොදු පෝස්ටරයක්!

June 17, 2020 at 8:26 am | by emanisa.lk

මෙවර මහ මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා ඒ ඒ අපේක්ෂකයන් සියලු දෙනාගේම මනාප අංක සහ ඡායාරූප ඇතුළත් පොදු පෝස්ටරයක් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රදර්ශනයට අවස්ථාව සලසාදීම කෙරෙහි පොලිසියේ අවධානය යොමු වී තිබේ.

නිරෝධායන නීතිය හමුවේ අපේක්ෂකයන්ට සිය මනාප අංකය සහ පක්ෂය ප්‍රචාරය කිරීමට ඇති අපහසුතාවන් සැලකිල්ලට ගෙන පොලිස් මැතිවරණ කාර්යාලය විසින් මේ වන විට එම පෝස්ටරය සම්බන්ධයෙන් පොලිස් බලධාරීන් දැනුවත් කර ඇත. මැතිවරණ කොමිසමට ඉදිරි දින කිහිපය තුළ එම යෝජනාව ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානය සූදානමින් සිටියි.

ඒ ඒ දිස්ත්‍රික්කවල ඒ ඒ පක්ෂවල අපේක්ෂකයන් සියලු දෙනාගේම ඡායාරූප සහ මනාප අංක එකම පෝස්ටරයෙන් ප්‍රදර්ශනය කිරීමට ඒ අනුව අවස්ථාව හිමිවන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

ඒ අනුව කිසිදු අපේක්ෂකයකුට තනි තනිව ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සහ ප්‍රදර්ශනය තහනම් වන බවත් ප්‍රදර්ශනයට අවස්ථාව ලැබෙන්නේ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ප්‍රචාරය කරන මේ පොදු පෝස්ටරයට පමණක් බවත් එම නිලධාරියා කීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස