පොහොට්ටු සල්ගාදු රැලිය පරදන්න සජිත් සූදානම්…! දෙවන සැමරුමට සජබෙන් සල්ගාදු පිටියට ජන ගඟක්..!

February 19, 2022 at 9:28 am | by emanisa.lk

සමගි ජන බලවේග දෙවැනි සංවත්සර සැමරුම් රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට ඊයේ (18) කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවිය.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂයේ ප්‍රධාන කාර්යාලය පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී මෙම අනුමැතිය හිමිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වූ රැස්වීමට අභියෝග කරමින් පැවැත්වෙන මෙම හමුව මාර්තු දෙවන සතිය තුළ පැවැත්වීමට ද එහි දී තීරණය කෙරිණි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් සඳහා මෙහි මෙහෙයුම් කටයුතු භාර දී තිබේ.

මෙම රැළියට සමගාමීව පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත් කිරීමට ද එහි දී තීරණය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *