සල්ගාදු පිට්ටනිය ලබන මාසේ අපි පුරවනවා…! හැකි නම් මැතිවරණයක් තබනු…! – මරික්කාර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්…

February 10, 2022 at 5:43 pm | by emanisa.lk

කුමන්ත්‍රණවලින් තොරව ආණ්ඩු බලය ලබා ගෙන පෙන්වන ලෙස අගමැතිවරයා ඊයේ (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.

අද (10) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළේය.

ජනවරම තිබෙන්නේ කාටදැයි බලා ගැනීමට නම් මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, ඒ අනුව හැකි නම් වසර ගණනාවක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් මරික්කාර් කීවේ ය.

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජනවරම තිබෙන්නේ කොතැනදැයි මහින්ද රාජපක්ෂ හොඳින්ම දන්නා බව පෙන්වා දෙන මරික්කාර්, පවසන්නේ විවිධ හේතු දක්වමින් පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ඒ නිසා බවයි.

අගමැතිවරයාට මෙන්ම සමගි ජන බලවේගයට ද පාරත්, වැල්ලත් පමණක් නොව වෙනත් ඕනෑ ම ස්ථානයක් ඔට්ටු බවත්, විපක්ෂයට ඇති ජන බලය පෙන්වීම සඳහා ලබන මස අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී ම මහා ජන රැළියක් පවත්වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *