ආණ්ඩුවේ ජන බලය 80%ක් නාය ගිහිල්ලා..! ඉතිරි වහල්ලු 20% තමයි සල්ගාදු පිටියට ආවේ…! – පාඨලී…

February 10, 2022 at 2:41 pm | by emanisa.lk

අර්ථ සාධක අරමුදලින් බිලියන 75ක් පමණ බදු ලෙස අයකර ගැනීම වැඩකරන ජනතාවගේ මුදල් කොල්ලකෑමක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ආණ්ඩුව දැනටමත් සල්ලි අච්චු ගැසීම මගින් ජනතාව මත බදු බරක් පනවා ඇතැයි ද මුදල් මුද්‍රණය සමග බඩු මිල ඉහළ යාම බදු ගැසීමකට සමාන බවත් ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුවේ ජන බලය නාය ගොස් තවත් 20%ක් පමණ ඉතිරි වී ඇති බවත් අනුරාධපුර සල්ගාදු පිටියට ආවේ ධනය බලය කෑම බීම ලබා දෙමින් නඩත්තු කරන පිරිස බවත් පාඨලී චම්පික පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා තමා අභියෝගයක් ලෙස සැලකීම සතුටට කරුණක් බවත් තමා ඇමැතිවරයෙකු ලෙස කළ සේවය රට පුරා දැකිය හැකි බවත් පවසන හිටපු ඇමැතිවරයා තැන තැන කයිවාරු නොගසා හැකි නම් ජනමත විචාරණයක් පවත්වා ජනමතය උරගා බලන ලෙස ද ආණ්ඩුවට අභියෝග කළේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *