ආණ්ඩුවට ඇති ජනතා විරෝධය සල්ගාදු ජනරැලියෙන් පැහැදිලියි…! – සජිත් ..

February 11, 2022 at 6:02 am | by emanisa.lk

වර්තමානයේ රටේ ඇත්තේත් පික් පොකට් ගහන ආණ්ඩුවක් බවත් ජනතාව ගැන කල්පනා නොකරන මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු බලවේග ඒකරාශී කරන බවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතා විරෝධය තරම ඊයෙ ආණ්ඩුවට ම ඔවුන්ගේ රැස්වීමේදී දැකබලා ගන්නට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව පිහිටුවීමට දායකත්වය දුන් ගොවි ජනතාව අද වන විට ආණ්ඩුවට අහිමිව ඇතැයි ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ නව නගර ශාලාවේ පැවති රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රථම මහ සභා රැස්වීම අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *