පොහොට්ටු මූලස්ථානයට මාධ්‍ය කැඳවයි! විජේදාසට දැවැන්ත ප්‍රහාරයක්…

October 13, 2020 at 5:32 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා දුක්මහන්සියෙන් බිහිකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කර, මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත් කර රජයක් බිහි කළේ හිරගෙවල්වල ලැග දුක්විඳ බව මහරගම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සංවිධායිකා කාන්ති කොඩිකාර ප්‍රකාශ කරයි.

පවතින රජය බිහි කිරිමේ දී පසුගිය වසර ගණනක් අපි දුක් වින්දේ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න මිස, විජේදාස වැනි පුද්ගලයන් අපේ පක්ෂයෙන් තරඟ කොට පාර්ලිමේන්තුවට ගෙනත් රජය විවේචනය කිරීමට නොවන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට මනාප ලැයිස්තුවේ ඊළගට සිටින මොරටුව පොදුජන පෙරමුණු සංවිධායක හිටපු නගාරාධිපති සමන්ලාල් ප්‍රකාශ කළේය.

එමෙන්ම, මනාප ලැයිස්තුවේ සමන්ලාල්⁣ට පසුව සිටින පොදුජන පෙරමුණු අවිස්සාවෙල්ල සංවිධායක නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වු අතර ඔහු ප්‍රකාශ කළ සිටියේ අපේ ඡන්ද අරං අපේ මන්ත්‍රීධුර අරං පක්ෂයට ව්රුද්ධව වැඩකිරීම යුක්තිසහගත නොවන ක්‍රියාවක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස