ගෝඨා ජනාධිපති වුණේ 19 පිහිටෙන් නිසා එය ආරක්ෂා කළ යුතුයි! – විජේදාස

October 6, 2020 at 9:30 pm | by emanisa.lk

19 වන සංශෝධනය යනු ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට රැගෙන ගිය සේද මාවත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

19 වන සංශෝධනය නොවන්නට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා තබා ජනාධිපති අපේක්ෂකයාවත් විය නොහැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

අද ගල් මුල් පහර දී ජනාධිපතිවරයා විසින් විනාශ කිරීමට උත්සාහ කරන්නේ එම 19 නමැති සේද මාවත බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

20 වෙනි සංශෝධනය සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු දෙක තුන තිස්සේ විධායක ජනාධිපති ධුරය නමැති තියුණු අසිපත මුවහත් කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

ඉන් අනතුරුව එය අතට පත්වන ජනාධිපතිවරයා විසින් වර්තමාන ජනාධිපතිවරයාගේ ගෙළ සිඳලන්නේ එම අසිපතින් ම බව සිය ආණ්ඩුව තේරුම් ගෙන නොමැති බව ද විජේදාස රාජපක්ෂ අනතුරු ඇඟෙව්වේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස