ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ජයග්‍රහණයට සුබ පැතූ බව අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
“මම ඉදිරියේ දී දෙරට අතර සහයෝගය තව දුරටත් වර්ධනය කිරීමට ඔබ සමග ඉතා ළඟින් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ද එහි වැඩ දුරටත් සඳහන් වෙයි.
මේ අතර මාලදිවයින් ජනාධිපති සහ අගමැතිවරයා ද අගමැති මහින්ද රාජපක්ෂ අමතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.