ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුව විවේචනය කරනවාට වඩා කොන්ද පණ තිබේ නම් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නැයි දන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
පොහොට්ටුවේ නායකයන්ගේ පස්ස පැත්තට පයින් ගහන්න එන අයට කන පැලෙන්න ගහන්න පසුපෙළ මන්ත්‍රීවරුන් සුදානම් බව ද ඔහු පැවසීය.
ආණ්ඩුවේ සුළු පක්‍ෂ විසින් ඊයේ පිටකෝට්ටේ දී කැඳවන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ විසින් කරන ලද ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.