පොහොට්ටුවට මෛත්‍රී ගැනීම මහින්දගේ සුපිරි වැඩක්! යූඇන්පී නායකයෝ මහින්දගෙන් ටියුෂන් ගන්න ඕන! – ජාතික සේවක සංගමයේ ලේකම්

February 18, 2020 at 8:38 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ඊයේ ශ්‍රීලනිපය ද එකතු කරගෙන දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ගත් තීන්දුව හෝ ආදර්ශයට ගෙන එක්සත් ජාතික පක්ෂය සමගියෙන් තීන්දුවක් ගත යුතු බව ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත පවසයි.

මෛත්‍රීපාල සිරිසේනට අභිමාණයක් නැති වුවද ඒ පක්ෂයේ අතීත නායකයන් නිසා එහි රැඳී සිටින පාක්ෂිකයන්ට අභිමාණයක් ඇති බව මහින්ද රාජපක්ෂ දන්නා බවත් එහෙයින් මෛත්‍රීිපාල සිරිසේන සන්ධානයට ගත් බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් කවර සන්ධානයක් ගොඩනැඟුව ද එජාපයේ අභිමාණය ආරක්ෂා කළ යුතු බවත් එහි නායකයාට පහර දී කිසිවකු දිනා නොමැති බවත් ආනන්ද පාලිත සඳහන් කරයි.

ජාතික සේවක සංගමය එජාපයේ ප්‍රබලතම වෘත්තීය සමිතියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස