පොලිසිය පහර දී මරණ තර්ජන කළා..! මට මරණ බය දැනුණා…! – ලහිරු මානව හිමිකම් යයි….

September 17, 2022 at 8:42 am | by emanisa.lk

කොල්ලුපිටිය ප්‍රදේශයේදී තමා අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රිය තුළදී තමාට පහර දී මරන තර්ජනය කළ බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු, වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මානව හිමිකම් කොමිසමට ඊයේ (16) පැමිණිලි කර තිබේ.

තවත් පුරවැසියකුට මෙවැනි පහරදීමක් නොවීම සඳහා මෙම පැමිණිල්ල කළ බව හෙතෙම පැමිණිල්ල කිරීමෙන් පසුව මාධ්‍ය වෙත පැවසීය.

“මාව සහ මා සමග සිටි තවත් කෙනෙක්ව පොලිසිය කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අංඩංගුවට ගත්තා. මාව පොලිස් ජීප් රථයට දමා ගත්තාට පස්සේ පොලිසියේ නිලධාරීන් තුන් දෙනෙක් මට පහර දුන්නා. මෙහෙම ගහන්න ඔහෙලට අයිතියක් නැහැ කිව්වම ගහන්න විතරක් නොවෙයි මරන හැටිත් අපි දන්නවා කිව්වා.

මට එවලේ විශාල බයක් දැනුණා. අපි රටේ ජනතාව වෙනුවෙන් හඬ නඟන්නේ. මට මේ පහරදීමට අදාළව මේක තවත් ඉස්සරහට අරන් ගිහින් පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

පහුගිය කාලයේ පොලිසියේ නිලධාරීන් පෙලිසිය තුළදී අහිංසක සිවිල් පුද්ගලයන්ට ගහලා මැරුවා. මේවා නැවත ඇති නොවෙන්නයි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න ආවේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *