හුංගම පොලිස් වසමේ හාතාගල ප්රදේයේ දී අද (19) දහවල් වෙඩි වැදීමෙන් හිමිනමක් අපවත් වී ඇතැයි හුංගම පොලිසිය පවසයි.
මෙලෙස අපවත් වී ඇත්තේ හාතාගල රජමහා විහාරයේ විහාරවාසීව වැඩ විසූ 21 හැවිරිදි වියේ පසුවූ බුත්තල සීලරතන හිමියන්ය.
පොලිස් අන නොතකා ධාවනය කළ යතුරු පැදියක් හඹා ගිය පොලිස් නිලධාරීන් සහ පුද්ගලයන් දෙනෙකු අතර පොර බැදීමක් සිදුව ඇති අතර එහිදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ඒ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ දහවල් දානයක් සඳහා වෑන් රථයකින් එම ස්ථානයෙන් වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි වැදී තිබේ.
අපවත් වූ හිමිනමගේ දේහය අගුණකොළපැලැස්ස මුලික රෝහලේ තැන්පත් කර තිබේ.