පොලිස්පති බුද්ධි ප්‍රධානී සහරාන් ගැන තොරතුරු අපට දුන්නේ නෑ! ඒ තොරතුරු දුන්නා නම් පාස්කු ප්‍රහාරයට අපි ඉඩතියන්නේ නෑ! – හිටපු STF ප්‍රධානී ලතීෆ්..

September 28, 2020 at 9:22 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශ කළ පූර්ව දැනුම්වත්කිරීම පිළිබඳව එවක පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ව විධිමත් ලෙස දැනුවත් නොකළ බවත්, එසේ දැනුවත් කළේ නම් ප්‍රහාරය ව්‍යාර්ථ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායට පැහැදිලි හැකියාවක් තිබූ බවත් එහි හිටපු අණදෙන නිලධාරි එම්.ආර් ලතීෆ් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (26) සාක්ෂි දෙමින් ඔහු මේ බව පැවසීය.‍

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ ප්‍රහාරයක් පිළිබඳ ඉකුත් වසරේ අප්‍රේල් 4 දින විදෙස් බුද්ධි අංශයක් ලබාදුන් මුල් පුර්ව දැනුම්වත් කිරීමේ තොරතුර පිළිබඳ ඔහු දැනසිටියේද යන්නය.

එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර තමන්ට යොමුකර තිබු අදාළ තොරතුර ඉකුත් වසරේ අප්‍රේල් මස 09 දින පස්වරු 6.45 ට පොලිස් විශේෂ් කාර්ය බලකා මුලස්ථානයට ලැබී තිබු නමුත් තමා ඒ වන විට විදෙස්ගතව සිටි බවය.

එය අප්‍රේල් 04⁣ වෙනිදා විදෙස් බුද්ධි අංශයක් ලබාදුන් ප්‍රාථමික වාර්තාවක් බවත් ඒ වන විට බුද්ධි අංශ මෙන් ම පොලිස්පතිවරයා ද සහරාන් ඇතුළු කණ්ඩායම ඔවුන් පදිංචි සහ ආ ගිය තැන් පිළිබඳ සවිස්තරව දැන සිටිය ද තමාට ඒ පිළිබඳ දැනුම් නොදුන් බව ලතීෆ් අවධාරණය කළේය.

තිරිකුණාමලේ යතුරු පැදියක් පුපුරුවා හැරීම අත්හදා බැලීමක් බවත් එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි නිලන්ත ජයවර්ධනට තමා පැහැදිලි කළ ද සහරාන් පිළිබඳ තමා දැනගත්තේ පාස්කු ප්‍රහාරයට පසු බව ඔහු සඳහන් ක⁣ළේය. අප්‍රේල් 09 වන දින අදාළ තොරතුරු තමා වෙත ලබා දුන්නේ නම් වි⁣ශේෂ කාර්ය බළකාය යොදවා මෙම ප්‍රහාරය ව්‍යවර්ථ කිරීමේ හැකියාව තිබූ බව ද ඔහු සඳහන් කළේය.

අප්‍රේල් මස 10 වන දින තමන් යළි දිවයිනට පැමිණිමෙන් පසු කාර්යාලයට යාමට ප්‍රථම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අමතා සර්, විශේෂ යමක් තියෙනවාදැයි විමසු නමුත් එහෙම විශේෂ දෙයක් නැහැ යැයි පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නේ යැයි ලතීෆ් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස