විෂ පොල්තෙල් පරීක්ෂණයෙන් සමාගමක් දෙවන වරත් අසමත්….! පොල් තෙල් තොගය ප්‍රති-අපනනය කිරීමේ වගකීම රේගුවට….!

March 28, 2021 at 7:50 pm | by emanisa.lk

ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පවසයි.

සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් එක සමාගමක දෙවැනි සම්පලය ද තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් ඔහු සඳහන් කරයි.

අදාළ ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්‍ෂාව අසමත් වීමට හේතුව බවත් එම තොගය ප්‍රති-අපනයන කිරීමේ වගකීම රේගුව සතු බවත් සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා පැවසුවේ තවත් සමාගම් තුනක පොල්තෙල්වල දෙවැනි සාම්පල් මේ වන විටත් පරීක්‍ෂා කරමින් සිටින බවත් ඒවායේ ප්‍රතිඵල හෙට ලැබීමට නියමිත බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *