රටින් ගේන පොල්තෙල් පස්සේ දුවන්න එපා…! අපේ රටේ සෝයා තෙල් අඩු මිලට කන්න…! – බන්දුල…

March 28, 2021 at 8:53 pm | by emanisa.lk

ආනයනිත පොල්තෙල්වලට වඩා තත්ත්වයෙන් ඉහළ දේශීය සෝයා තෙල් මේ වන විට සතොස අලෙවිසැල් හරහා අඩු මිලට අලෙවි කෙරෙන බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ ආනයනික පොල්තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බවට අනාවරණයත් වීමත් සමග මතුව ඇති තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

“පොල්තෙල් වෙනුවට ආදේශකයක් ලෙස දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතා ම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

ආනයනය කරන පොල් තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල්වල මේ දිනවල අලෙවි කරනවා.

අපේ රටේ සෝයා වවලා අපේ රටේ හදන තෙල්වලින් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස් ඒ සෝයාතෙල් අපි අඩු මිලට ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *