රජරට සරසවියේ කැසිකිළි ඓතිහාසික මිහින්තලේ වැවට හරවලා!

February 6, 2019 at 9:18 am | by admin

මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ කැසිකිළිවලින් පිට කෙරෙන මළ මුත‍්‍රා, ඓතිහාසික මිහින්තලා වැවට මුදා හැරෙන බවත්, මේ වන විට සාංචි විහාරය ඇතුළු, විශ්වවිද්‍යාලය අවට දැඩි දුර්ගන්ධයක් හමන බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණෝ පවසති.

ජනාධිපති ලේකම්වරයා විසින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට, මිහින්තලය විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාට, නාගරික සංවර්ධන අධිකාරියට, දිස්ත‍්‍රික් ලේකම්වරයාට මෙන්ම මිහින්තලා ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මේ ගැටලුව විසඳන ලෙස දැනුම් දුන්න ද මාස දෙකක් තිස්සේ ඊට විසඳුම් ලබා දී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස