අපි දිනා ගත් වෛද්‍ය පීඨය විවෘත කරන්න දේශපාලකයෝ එපා! – සබරගමු සිසුන්

January 17, 2019 at 3:00 pm | by admin

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා දේශපාලනඥයින් පැමිණීමට විරෝධය පළ කරමින් රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය හිදැල්ලන, ප්‍රදේශයෙන් අවහිර කරමින් සරසවි සිසුන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටිති.

සිසුන් චෝදනා කරන්නේ, තමන් වසර ගණනාවක් කරන ලද අරගලක ප්‍රථිපලයක් ලෙස දිනා ගත් මෙම වෛද්‍ය පීඨය වාසි ලාබාගනීමේ අරමුණින් දේශපලනීකරණය කිරීමට උත්සහ කරන බවයි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංඛ ගමගේ සඳහන් කළේ, සරසවි සිසුන්ට වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයට ඇරයුම් කර නොමැති බවයි.

අද දිනයේ පීඨය විවෘත කිරීම සඳහා දේශපාලනඥයින් පැමිණීමට විරෝධය පළ කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ පෙරවරුවේ ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට , පාගමනින් පැමිණි සිසුන් ප්‍රධාන පිවිසුම ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස