පූර්ව MCC ගිවිසුම් අත්සන් කළේ 2015 රෙජිම් චේන්ජ් එකට ඇමරිකාව කළ වියදම පියවන්නද? – ගෙවිඳු විපක්ෂයෙන් බරපතළ ප්‍රශ්නයක් අසයි…. (video)

July 17, 2020 at 4:04 pm | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට (MCC) අදාළ පෙර සූදානමක් ලෙ‍ස 2017 ඩොලර් මිලියන 7.4කට හා 2018 ඩොලර් මිලියන 2.6කට ගිවිසුම් අත්සන් කර ඇති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග පවසයි.

එය පවසන්නේ MCC ගිවිසුම පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් සමන්විත ජනාධිපති කොමිසම් සභා වාර්තාව මගින් බව ද ඔහු පෙන්වා දෙයි.

එම පූර්ව ගිවිසුම් දෙක අත්සන් කළ ද ඊට අදාළ මුදල් ලැබුණු බවට වාර්තා නොමැති බව ගුණරුවන් වාර්තාවේම සඳහන් වන බව පෙන්වා දුන් ගෙවිඳු කුමාරතුංග විපක්ෂයෙන් විමසා සිටියේ අදාළ මුදල 2015 ආණ්ඩු වෙනස සඳහා ඇමරිකාව කළ වියදම පියවීම සඳහා භාවිත කළේ ද යන්නය.

MCC ගිවිසුමෙන් ලංකාවට කිසිම හානියක් නොවන බව 2019 සඳහන් කළ එවක ඇමති පාඨලී රණවක අද ද එම මතය දරන්නේ දැයි ඔහු ජාතික හෙළ උරුමයෙන් ප්‍රශ්න කළේය. මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ද කලක් හෙළ උරුමය සමග දේශපාලනය කළ අයකු බව ද ඔහු එහිදී සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස